Friday, April 7, 2023

සේනපුරින් හක්බෙල්ලාවකට...

 කවර කාරියකට ගියද එය යම්කිසි පිරිසකගෙන් සැදුම් ලද්දේ නම් නිතර හඩන සුකුරුත්තම නිහඩ කොට අත් බැගයේ රුවා ගනිමි. එය නාද වීමෙන් අන්‍යයන් හට අපහසුතාවයක් අැති වීම වළක්වාලීම පමණක් නොව එ් කටයුත්තේ ලොකු කුඩා බව කෙසේ වෙතත් එයට නිසි ගරුත්වය ලබා දිය යුතු බැවිනි. මේ මෙවලම් වලට වහල් නොවි අපද හයි හත්තිය අැති මනුස්ස පරාණ බව ඉඳ හිට හෝ අපම පසක් කරගත යුතු නැද්ද?


බක් මහ පළමුවනදා ඔහු මා අමතද්දි මම මකුලෑවේ බවත්වන ලද "අයිතීන් උදෙසා කාන්තාවෝ" සංවිධානය කළ හමුවක අතිශයින් හැඟීම්බරව ජීවිතයේ ප්‍රථම වරට ප්‍රසිද්ධියේ කඳුළු සලමින් සිටියෙමි.

මේ රමණීය රට පිළිබඳව කතා කිරීමෙන් නොව සිතීමෙන් පවා දෑස් තෙත්වන්නේ නිරායාසයෙන්මය.


දිවා අාහාරයේදි මගේ සුකුරුත්තම පිරික්සා බලන කල මා හිතා මතා මඟ හරින ලද ඇමතුම් කීපයක්ම විය. එයින් එකක් එ් අාදරනිය ලියන්නාගේය.

තට්ටයා යන අාදරනිය නමත් එක්ක ඔහු මට හමු වන්නේ බක් පොහෝදා ය.

බ්ලොග් ලියන්නන් ගේ හමුවට කරන ලද අාරාධනය මා විසින් පිළිගැනිම මගේ ජීවිතයේ මා කළ තවත් එක් මෝඩ හා පිස්සු වැඩක් බව මගේ දෙවැන්නා ගේ අදහස විය.

ගමන් බිමන් සම්බන්ධයෙන් මා පළමුව කතිකා කරන්නේ මගේ කොල්ලන් එත්කය.

ගෘහ මූලිකයා කරා එළැඹෙන්නේ අනතුරුවය. එද සිංහයාගේ ගුහාවට රිංගන සා පොව්වෙකු මෙන් බියෙන් තැති ගනිමිනි.


බිරින්දෑ ද අම්මාද යන නම්බු නාම එක්ක ගැහැනියක ගෙතුළ බිත්ති හතර තුළ සිරගත වීමේ ඉරණමට යටත් විය යුතු බව තරයේ විශ්වාස කරන පිරිමියෙක් එක්ක ගමන් බිමන් කියන්නෙම සටන් වැද දිනාගත යුතු බිහිසුණු අරගලම විනා අන් කිසිවක් නොවේ.

එ් ඔහුගේ වරද නොවන බව දයාවෙන් සිතමි. බොහෝ පිරිමි කැමැත්තේ සිය මව වැනි බිරිදකටය.. කුටුම්භය තුළ ලෝකය ඉඳි කරගත් පතිනියකට එය දිව්‍ය ලෝකයක් විය හැක. නමුත් ලෝකය එකම යායක් බව අදහන්නියකට එය එසේ නොවේ.


"අාරාධනාව ලැබෙන්නේ අප්‍රේල් පළවෙනිදා.. කාගෙ හරි බොරුවක් විහිළුවක් වෙන්න බැරිද?"

එ් පොඩි පුතා.


"හක්බෙල්ලාවක..?..දිවත් උලුක්කු වෙනවා...

බඩපිස්සා මා යා යුතු ගමේ නමේ එල්ලුනේය.


"කොයි ලෝකෙද දන්නෙ නෑ... අනේ පිස්සු නැතුව ඉන්න අම්මා.. "

මද්දුවා සිය අප්‍රසාදය පළ කළේය.

" මොකට එන්න කියනවද මංදා... අදුරන්නෙත් නෑලු.. කතා කලෙත් අදමලු... "

පුංචි පුතා සිය මවගේ අනුවණ කම පිළිබඳව විමතිය පළ කළේය.


" බෙල්ල කපන්න එන්න කියනවද මංදා... කොහේ තියන තැනක් ද ඔය... මේක නම් අම්මා සිරාවටම පිස්සු ගමනක්... "

පොඩි පුතා යළි සිය විරෝධය පෑවේය.

අපේ මේ හදිසි රැස්විමට ලොකු පුතා සහභාගි නාෙවිය. කොහොමටත් ලොකු පුතාට ද මා සාමාන්‍යයෙන් ගමනක් පිළිබඳව දැනුම් දෙන්නේ අන්තිම මොහොතේදිය.


අපේ රටේ ගැහැණිය දැරියක ලෙස පියාට ද තරුණියක හා බිරිඳක ලෙස සැමියාට ද මවක ලෙස වැඩිමහල් පුතුටද අවනත විය යුතු බවට සම්ප්‍රදායක් තිබෙි. එය බිඳීම පහසු නැත. මේ නූතන ලෝකයේ පවා අෑත දුෂ්කර වන්නි වන පෙතේ ලියන්නියක එක වර සංග්‍රාම කීපයක සටන් වැද නිරන්තරයෙන් රුහිරු වගුරුවමින් සිටින බව හෙළි කරමි. ජීවිතයද ලෝකය ද එබඳුය. ඉතිහාසයේ අප සපැමිණි මඟ සටන් නොවැද දිනූ කිසිවක් නැත. ජයග්‍රහණ ලෙයින් කඳුලින් හා දහදියෙන් තෙමී තිබෙි.


මම මා සමඟ සටන් කරමි. මම කුටුම්භයේ මගේ අාදරනියයන් සමඟ සටන් කරන අතරතුරම පීඩක පාලක පැලැන්තිය සමඟ ද අඛණ්ඩ සටනේය.


" පොතක් ලියාගෙන පාඩුවෙ ඉන්නෙ නැතුව බොරුවට ජීවිතේ අවදානමකට දාගන්න එපා" යි අවවාද හා අනුශාසනා කරන්නන් සමඟද එක්තරා සටනකය.


ලාභ සත්කාර වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දෙන්නැයි නිබඳ ඇරැයුම් කරන උදවිය හා එයට අනුබල දෙන තරමට පිරිහුණු දුබල අාර්තිකය එක්කද නොනවතින අරගලයක... එහෙත් සයින් පවසින් පෙලි මිය යාම පවා එ් වරප්‍රසාද වලට වඩා නම්බුකාර බව හගින සෙබලියකද වෙමි. අසිපත් දුනු ඊතල කිසිත් නැති. ලාභ පෑනකින් පමණක් සන්නද්ධව කරන මේ බිහිසුණු සංග්‍රාමයට දිරි දෙන අාදරනිය හදවත් මගේ රිදුම් පිරිමැද සුව සෙත සදන බව කෘතවේදි බුහුමනින් කියමි.


අන්තිමේදි බක් පොහෝදා අලුයම බලහත්කාරයෙන් අැහැරවා සූදානම් කරගත් මගේ හතරවැන්නා එක්ක හතරමං හන්දියට දිව ගියෙමි.

පාන්දර තුන හමාරේ බස් එක තව ඩිංගෙන් වරදිනවාය. අැබින්දකට පමා වුයේ අැළ අද්දර මල් ගහකින් මල් නෙළන හින්දාය..

මල් නෙලිම හින්දා මිමැස්සන් හා සමනලයන් අැතුලු කෘමි සේනා කුසගින්නෙන් පීඩා විඳීම පිළිබඳ කවදත් ශෝක වන මම එ් හිමිදිරියේ මල් නෙලූ කොන්දොස්තර මහතාට නිහඩව ස්තූතිවන්ත වීමි

දිගු ගමනක වෙහෙස නිවා දමමින් එ් අාදරනිය බ්ලෝග් ලියන්නා ...කඩවසම් ඉලන්දාරියා පෙර මඟට දිවවිත් මහ මගදී ම මා වැළඳ ගත්තේය.

ලේ නෑයන් හමු වූ කලෙක මෙන් සතුටක් හා සැනසුමක් අත් වින්දේ සෙසු බ්ලොග් ලියන්නන්ද හමු වූ එ් සොද්‍රරු සුයාමයේදිය.

සැබැවින්ම බක් පොහෝදා බ්ලොග් හමුව අතිශයින් අරුත්බර හා සොද්‍රරු බව යළි යළි කියමි. ජීවත්වන බව දැනෙන හැඟෙන නිමේශය තිළිණ කළ අාදරනිය ලියන්නනි අාදරෙයි...

45 comments:

  1. ඔය තියෙන්නෙ මල් හතට. මං පලවෙනි කමෙන්ට් එක දාන්නෙ ආඩම්බරයෙන්...

    ReplyDelete
    Replies
    1. ඔයා තමා මගේ අතින් අල්ලාගෙන මේ ඉසව්වට කැන්දාගෙන අාවේ.. අාදරෙයි...

      Delete
  2. දෙවැනියට මගෙන් හදපිරි උණුසුම් සුබ පැතුම් සමගින්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දරුවො... මේ කෝඩුකාරිගේ වැරදි අැතොත් සමා වෙන්න ❤️

      Delete
  3. උණුසුම් සුබ පැතුම් !
    මේ ලිවිල්ල දැනට නිද්රාශිලිව සිටින සියලු බ්ලොග් ලියන්නන්ට දිරියක් වේවා !

    ReplyDelete
    Replies
    1. මන්තරකාරිගේ පණ ගිරවා ළඟ කියන්නා වාගේ මට මගේ හුස්ම පොද ලිවීමයි.. අපි හැමෝම හොද හුස්මක් ගනිමු..

      Delete
  4. බ්ලොග් ලෝකයට ආදරයෙන් පිලිගන්නවා. හමු වීමට ලැබීම භාග්‍යයක්.

    ReplyDelete
    Replies
    1. අනේ මාත් කල්පනා කරනවා ඔයාලා වගේ සුන්දර ලියන්නො හමු වෙන්න මේ තරම් කල් ගත වුනේ අැයි කියලා

      Delete
  5. එදා හමුවීම සතුටක්. ඒ වගේම තට්ට මහත්තයගෙ උත්සාහය මල්පල ගැන්වී මේ බ්ලොග් එක පටන්ගැනීම ගැන තවත් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. එ් සොද්‍රරු ඉලන්දාරියා නිසා තමා මට අලුත් ලෝකයක් විවර වුනේ

      Delete
  6. සුබ පැතුම්. දෙවනි කොටසත් ලියනවද?

    ReplyDelete
    Replies
    1. අැත්තටම එ් ගමනෙ ඉතිරිය ලියන්නම වෙනවා.. එ්ක ත්‍රාසය භීතිය හා චමත්කාරය මුසු අපූරු අත්දැකීමක්

      Delete
    2. ත්‍රාසයෙ හොඳම ටික ප්‍රාජේටයි ඔබතුමීටයි මිස් උනා. අන්තිම වෙනකල් හිටිය අපි තමයි හොඳටම ත්‍රාසය වින්දෙ. :D

      Delete
  7. සුභ පැතුම්.... බ්ලොග් එකට හා අලුත් අවුරුද්දට .......

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට විතරක් සුබ පැතුම් පිලිගන්නම් අාදරයෙන්.. අලුත් අවුරුදු කොයින්ද අනේ මේ පරණ හොරු එක්ක.?

      Delete
  8. මෙච්චර ඉක්මනට පොරොන්දු ඉටුකරාවිය කියල... හිතුවේම නැහැ නොවැ❤
    බ්ලොග්වියුණුවට... ආදරයෙන් සාදරයෙන් පිළිගන්නව හිට ✍🙏

    ReplyDelete
    Replies
    1. එහෙම තමා දරුවො.. පොරොන්දුවක් වුණෙත් කොහොම හරි ඉටු කරන්න ඕනනේ.. මාව අාදරයෙන් පිළිගත්ත හා සුබ පැතුවට ස්තූතියි.. අාදරෙයි

      Delete
  9. ජය වේවා... කලබල නැතිව හරියට ලියන්න... අකුරු වැරදි අඩුවෙන් ලියන එක මුල ඉදලම කරන්න

    ReplyDelete
    Replies
    1. හා.. ස්තූතියි.. කෝඩුකාරිගේ අත්වැරදි කට වැරදි ඉවසා වදාරන මෙන් ඉල්ලා සිටිමි. ❤️

      Delete
  10. අපෙත් සුබ පැතුම් ...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි... හැමදාම ලියන බවට පොරෙෙන්‍දු වෙනවා

      Delete
  11. සුරංගෙයැ. කියෝනට ආමි.

    ReplyDelete
    Replies
    1. ඔයා හරිම අපූරුයි.. අායෙත් හමු වෙමු..

      Delete
  12. එදා එන්නම් ය කියලා ඉඳලා අන්තිම මොහොතේ මිස් කරගෙන තියෙන්නේ මාර චාන්ස් එකක්නේ. ගිරිදේවි මං මෑතක ආසාවෙන්ම බලපු නාට්‍යයක්. ඒක බලපු දවස්වල ඉඳලා පොත කියවන්න අසාවෙන් හිටියේ. කවුද හිතුවේ ඒ ගිරිදේවිව මෙහෙම කියවන්න ලැබෙයි කියලා 😍🙏💐

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි . මේක බොහොම පුංචි රටක් නෙවැ. හමු වෙමු මතුයම් දවසක

      Delete
  13. අනේ ස්තූතියි.. කමක් නෑ.. අපි හමු වෙමු.. මේක බොහොම පුංචි රටක් නෙවැ

    ReplyDelete
  14. වියුණු ලොවට සාදරයෙන් පිළිගන්නෙමු!..කිව්ව වගේම වැඩෙත් කලා ඈ..බොහොම හොඳයි..බොහොම හොඳයි..

    ReplyDelete
    Replies
    1. අැත්තටම මට ඕනෑ ලියන්නට තවත් ඉඩක් විතරයි.. මම ඉතිං ලියන්නි නෙවැ.. සේනපුර ලියන්නි..

      Delete
  15. ප්‍රවීණ ගත් කතු වරියක් වන ඔබ බ්ලොග් ලෝකයට පියවා තබා ඇත!

    එය අපට මහත්වූ සතුට දනවන පුවතකි. ඔබගේ ප්‍රවීණත්වයෙන් බ්ලොග් ලෝකයට නව ආලෝකයක් වැටෙනු ඇතැයි අප උදක්ම විශ්වාස කරණ්නෙමු.

    ඔබගේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියේ; අළුතින් බ්ලොග් ලෝකයට පිවිසෙන නිර්මාණ කරුවන් වෙනුවෙන් වෙන්වී ඇති "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොළමේ ප්‍රදර්ශණය කෙරේ.
    ඔබගේ ලේඛණ දිවියේ ප්‍රවීණත්වය මත බරක් තබමින්; නිර්මාණ සඳහාම වෙන්වී ඇති "කැඩපත් පවුර" කොළමේද ප්‍රදර්ශණය කෙරේ!

    ඔබගේ මුද්‍රිත ලේඛණ දිවිය මෙන්ම බ්ලොග් ලිවීමද වර්ණවත් කිරීමට ඔබට අවකාශය හා ශක්තිය ලැබේවා යන්න අපගේ පැතුමයි.

    මේ; අප යනු මෙරට අවකාශයේ පවතින විශාලතම බ්ලොග් සින්ඩිකේටරයයි. අපගේ සින්ඩිය පිළිබඳව ප්‍රචාරයක් ඔබගේ බ්ලොග් අඩවිය තුල ලබා දෙන්නේනම් එය අපට කරණ ගෞරවයක්සේ අප සලකන්නෙමු!

    ReplyDelete
  16. ඔබ වගේ ප්‍රවීණ කතුවරියක්ව බ්ලොග් හරහා කියවන්න ලැබීම අපි ලබපු භාග්‍යක්... විශේශයෙන්ම ලංකාවෙන් පිට ඉද්දි අපිත් සිංහල පොත් කියවන්න ලැබෙනවනම් ඒ අන්තර්ජාලය නිසා පමණයි...

    ලංකාවෙන් පිට ඉඳන් බ්ලොග් ලියන නිසා මටත් බ්ලොග් ලියන්නන් එක්ක සම්මුඛ වෙන්න කවදාවත් අවස්ථාවක් ලැබීලා නෑ... ඒ අහම්බය උදාවෙනකල් මමත් ඉතිං බලන් ඉන්නව... බ්ලොග් හමුවීම සංවිධානය කරපු හැමදෙනාටම බොහොම පිං...

    ReplyDelete
  17. ඔබේ පොත් ඇසුරින් නිර්මාණය වූ සියළු ටෙලි නාට්‍ය යූ ටියුබයෙන් බලා සතුටු වුණා. මුහුණු පොත හරහා කරන ජීවන ලියැවිලි වලින් යාය හතට යනවා එනවා . ඩිජිටල් ගත වන ගිරිදේවි සටහන් තුලින් වෙනස්වන ජීවන අන්දර ගැන සටහන් කියවන්න බලාගෙන ඉන්නවා . ඔබේ බ්ලොග් ගමනට අහස් ගව්වෙන් එහා ලෝකයේ සිට සුබ පතනවා .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... සවියක් ඔබේ අකුරු

      Delete
  18. ඔය තියෙන්නෙ මල් හතට x2.
    අහා! කතරට දිය පොදක්. ස්තූතියි.👌😊

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි... මංජුල හා ප්‍රභාත් මල්ලිලා නොවෙන්න මේක මට හීනයක්

      Delete
  19. අපගේ බ්ලොග් හමුව සඳහා පැමිණීමෙන් කල අනුග්‍රහය පිළිබඳව මා වෙනමම ලියනවා! එතෙක් හද පිරි සතුට පමණක් පිළි ගන්න!

    ReplyDelete
    Replies
    1. අනේ මගේ මංජුල මල්ලිගෙ අැරයුම මට අලුත් ලෝකයත් විවර කළා

      Delete
  20. බ්ලොග් ලෝකයට සාදරයෙන් පිළිගන්නවා ... ඔබගේ රසවත් ලිපි කියවන්න ආසාවෙන් බලන ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... කෝඩුකාර මට ශක්තියක් මේ අාදරය

      Delete
  21. ඔබගේ බ්ලොග් අඩවියට පැමිණියේ තට්ටයගේ කොලම හරහා. ඒ කියවද්දී මතක් වුනේ ගිය සැරේ ලංකාවට අ වෙලේ පද්මිණි මාතරගේසොයුරිය මට "ගිරි දෙවි " ගන්න කියූ බව.පොත හොයාගෙන කියවල අවසන් කළා ගිය සුමානේ. සංවේදී පොතක්. ලංකාවේ සිදුවිය හැක්කක්. මම කාලයක් සියාමා කියා පොතක් ලීවා , තරුණියක් ගැන. නැවතත් ඒ හැඟීම් හා අනුවේදනීය තත්වයන් මතකයට ආවා ඔබේ පොත නිසා. බ්ලොග් ලෝකයට පැමිණියාට සුබ පැතුම්. - කොළඹ ගමයා

    ReplyDelete
    Replies
    1. අනේ අැත්තද...සතුටුයි... ස්තූතියි.. ගිරිදේවි ඉතාමත් ජනප්‍රිය වුණා.. නමුත් දුක එ් සාධක මේ සමාජයෙන් පහසුවෙන් ඉවත් නොවිමයි..

      Delete
  22. //අපේ රටේ ගැහැණිය දැරියක ලෙස පියාට ද තරුණියක හා බිරිඳක ලෙස සැමියාට ද මවක ලෙස වැඩිමහල් පුතුටද අවනත විය යුතු බවට සම්ප්‍රදායක් තිබෙි// මේ තත්වය එහෙමයි කියලද ඔබ කියන්නේ? අරාබියේ වගේනේ.

    ReplyDelete
    Replies
    1. ඔව් . එය අඩු වැඩි වශයෙන් තියෙනවා... අපි තාම හුඟක් නොදියුනුයි.. අපේ අාකල්ප තාමත් පසුගාමියි..

      Delete
  23. ගිරි දේවී මා ඉතා කැමති කතාවකි. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... මගේ අනික් නිර්මාණත් කියවන්නට අාදරයෙන් අැරයුම් කරනවා

      Delete

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...