Wednesday, May 24, 2023

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය.


අඹ ගහ එක්ක හුරතල් වන හුළග මේ හැංගි හොරා අකුරු ඉගැන්විල්ල ගැන හාංකවිසියක් කාටවත්ම නොකියන බවටද පොරොන්දු වෙයි.

මොන්ටිසෝරි කියා දෙයක් නොතිබුනු එ් හැත්තෑව දශකයේදි නැකතට අකුරු කියා දුන් පසුව අකුරු ඉලක්කම් එක්ක හරඹ කරන කෙනෙක් අැත්තේම නැතුවා වගෙයි. අායෙ ඉතිං අකුරු එක්ක හාදකම් ඉස්කෝලෙට බාර දුන්නාට පසුවය. එතෙක් ඉවසා ඉක්නට වැඩිමලි වගේම තාත්තාට උදවි පදව් කරන කඩිසර කොල්ලාද ප්‍රිය නොකලේය.


කඩ පිල පිට මහ හඩින් පත්තරය කියවක අාතා කෙල්ලට අකුරු ඉගෙනගන්නට මහා බලගතු දොලක් ජනිත කළේ ය.

අාතා වාගේ පත්තරය මුල් පිටුවෙි පටන් අග පිටුව දක්වා කියවන්නට එ්කි පෙරුම් පිරුවාය.


 "අනේ අත්තප්පේ මටත් පත්තරේ කියවක්න ඕන" යි හද දැවෙන අාශාව කියා පෑ දවසේ  "ඉදිංකො.. තව ටික දොහයි නෙවැ.. උඹ ඉස්කෝලෙට බාර දුන්නහම අකුරු සෑස්තරේ කියා දෙන්නෙ නැතෑ.." යි ලද ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවුවාය.


තාත්තා කඩ බක්කියත් තරාදියත් එක්ක යම යුද්ධයකය. අම්මා මල්ලිත් අලුත උපන් නංගීත් එක්ක ළිප ගින්දරේ දැවෙමින් දහසක් වැඩ පල අතරේ පරල වු ගානය.


කෙල්ල අකුරු අනුරාගයෙන් මඩනා ලද බව දැන කියා ගත් එ් අපුරු ඉලන්දාරියා සිය රහසිගත මෙහෙයුම අැරඹුවේය.

එකම එක සිසුවියක්... එකම එක ගුරුවරයෙක්... දිසා පාමොක් අැදුරු සෙවනේ බැතියෙන් උගන්නා සිසුවෙකු වාගේ අකුරෙන් අකුර එක්ක පයුරුපාසානය කෙල්ලට අලුත් හා අනන්ත ලෝකයක දොරගුලු විවර කළේය. එහෙත් එදා එ් උක් යායේ සිලි සිලිය දෙසවන සනහන අතරතුර පවා මතුයම් දවසක අකුරු එක්කම ජීවිතය අාලෝකමත් හා අන්ධකාර වන වගක් අනුමාන නොකළාය.


ලියන්නියක ලෙස මෙතෙක් ලියන ලද කෘතින් දෙස හැරි බලන්නටද පසුබට වෙමි. ලැජ්ජාවක් එක්ක එ් පොත් ඊට වඩා හොදින් ලියන්නට තිබුණා නේදැයි පශ්චාත්තාපයෙන් පිඩා විඳින බැවිනි.


මෙසිරිලක පොත පත ලියා ජිවිතය ගැට ගසා ගැන්ම මහා සංග්‍රාමයක් බව පසක් වන විට අාපසු හැරෙන්නට නොහැකි තරමේ දුරක් පැමිණ අවසන්ය.


කෝටි දෙකක් ඉක්මවන ජනතාවක් වෙසෙන රටක පොතක පිටපත් දහසක් විකුණා ගැනීමද අසිරුය. කලාව ජිවිතයෙන් දුරස් වු රටක කලාව මාරාන්තිකය.. නැතහොත් නිෂ්ඵල හා නිරර්ථක ව්‍යායාමයකි. එහෙත් අාර්තිකය පමණක් නොව රටද යහපත් කරගැනීම පිණිස ලේඛණය භාවිතා කරන්නට වෙහෙසෙන අතද හිතද යථාර්ථය පිළි ගන්නට සූදානම් නැත.

නැවක් වුනත් බර වැඩි වු විට මුහුදු බ‍ත් වන බවට ජිවන සහකරුවා කළ අනතුරු අැගවිම නොතකා දියනියකගේ සිහිනයේ දිගින් දිගටම එල්බ සිටිමෙන් උරුම වු කොල්ලන් එක්ක ජිවිතය වඩ වඩාත් අසිරු වෙයි. අද දවසේ මෙරට බහුතරයක් එහෙමය.


රට බේරා ගන්නට හා නඟා සිටුවිමට විටින් විට ප්‍රතිඥා දෙන දියවන්නාවේ අැත්තෝ කළින් කලට මෙි අවසන් අවස්ථාව බව මන්තරයක් මෙන් මතුරන හින්දා අපේ අවසානයත් රටේ අවසානයත් ළඟා වී අැතුවා වගේය. කොයි කොහොම හරි ජිවන අරගලය අත් හරින්නට ඉඩක් නොලද්දෙන් විසි පස් අවුරුද්දකට පස්සේ තීරණාත්මක මං සන්ධියක "වේතරණි  එක්ක....


" වේතරණි "වෙනුවෙන් වෙහෙසුනු හැමට අාදරය පිරිනමමින්" වේතරණි" හින්දා අසරණ වු ලියන්නියට අාදරනියයනි, මේ දුෂ්කරම පැයේ අාදරයම අයදිමි.


" වේතරණි "නවකතාවේ ඉතිරිව තිබෙන පිටපත් අළෙවි කර ගන්නට සහාය හා දිරිය අපේක්ෂාවෙන් 0719943989 වට්ස් අැප් ඔස්සේ සම්බන්ධ වන්නැයි අාදරයෙන් ඉල්ලා සිටිමි. ඔබ ලබා ගන්නා එක් පිටපතක් මට මේ දිගු හා දුෂ්කර ගමන් මඟ පිය මැන යන්නට යෝධ බල යෝධ වීරිය පුද දෙන බව අපමණ ගෞරවාදරයෙන් සඳහන් කරමි.


අකුරු විස්මය ජනක යි.

අකුරු අාදරනියයි

අකුරු අන්තරායකරයි

අකුරු ජිවිතය පුබුදයි..


එහෙව් අකුරු හින්දාම අසරණව හා බයබීතව එහෙත් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අකුරේම එල්ලී හිදිමි.

අකුරට බාලේ පටන් බැදි පෙම මියෙනතුරු අත් නොහරින්නටද මේ අදුරුතම නිමේශයෙහිදි සපථ කරමි.

මට අකුරු එක්ක ජීවිතය කියා දුන් දහදිය ගඳ එක්ක සුර්යාලෝකය පිරිනැමූ අාදරනිය ජයසිංහ බාප්පාට බැති පෙමින් නමස්කාර කරමි.

Thursday, May 11, 2023

බල්ලෝ බළල්ලු සහ කොල්ලෝ..

 මං පුංචි කාලේ අපේ ගෙදර බළලුන්ට තහනම් කලාපයකි..

" මොකටද ඔය වසංගතේ..? බට්ටික කද්දිවත් අඩු ගානේ  නැට්ට වනනවාද... දවල් තිස්සෙ බුදියනවා... .. රෑ තිස්සෙ දඩාවතේ යනවා... ගේ පුරාම ලොම් කැටියයි. බල්ලෙක් නම් බුරනවා.. මුං පුරු පුරු ගගා බොරුවට අපිව රවට්ටනවා.

කිසිම පලක් නැති සත්තු.. ලේනෙකුට කටුස්සෙකුට කුරුලු පැටියෙකුට ඉන්න දෙන්නෙ නෑ.. මරාගෙන කනවා..".


අනේ කොටි පවුලේ ඥාතියාට අපේ අම්මා බැන අඩ ගැහු තරමක්.. බළලෙකු අපේ හතර හීමාවට නොඑන හින්දා හොදය. නැත්නම් එ් අාඩපාලි අැහුනා නම් අායෙත් වන වදිනවා සිකුරුය.


අම්මාගේ උග්‍ර බළල් විරෝධය පරයා ඉස්මතු වුයේ අපේ බලු නඩයේ බළල් වෙෙරයයි. බැරි වෙලාවත් අපේ මිදුල උඩින් හෝ බළල් තඩියෙකු ගියේ නම් එ් ඉතිං උන්දැගේ අවසන් අයාලේ යාමයි. උදෑසන බල්ලන්ගේ තියුණු දතින් සිදුරු වූ සිරුරින් යුතුව ලේ වගුරුවමින් අවසන් හුස්ම හෙළන ලද බළලුන් වළලා දමන්නට සිදු විය. එවන් අවස්ථාවන්හිදී එ් වල මලින් සරසන මම මේ බලු බළල් වෙෙරය සජසිදුවන්නේ කොයි කාෙහොමදැයි අපමණ කනස්සල්ලෙන් කල්පනා කරමි.

කිරි අම්මලාගේ ගෙදරදී හවස මල් පුදා දෙවියන් බුදුන් වදිද්දී මා ප්‍රාර්ථනා කළේ අම්මාගේ බළල් අප්‍රසාදය දුරු වී අපේ බලු දන්ඩෝ කාරුණික වේවා කියාය.

බළලෙකු අැති දැඩි කරන්නට මා තුළ දළු ලා වැඩි අාශාව සඵල කරගන්නට විවාහ වන තෙක්ම ඉඩක් නොලැබිනි. ජීවිතය බෙදා ගත් එක්කෙනා බළලෙකු තබා කොටියෙකු හදා වඩා ගත්තද අැහැක් අැර නොබලන හින්දා මට කාලාන්තරයකට පස්සේ බළල් සුරතලය අරඹන්නට හැකි විය.එද අපේ කඩ මිදුලේ දමා ගිය බළල් පැටවුන් හින්දාය.

බලු බළල් පැටවුන් පන්සලේ හෝ මහ මඟ දමා යන තරමට දැහැමි සිත් අැත්තෝ අපේ කඩ මිදුලද එවන් කලාපයක් සේ සලකා තිබිණි.

එ් අසරණයන් පලවා හරින්නේ කොහොමද.. කන්නට බත් කටක් දීම හැරුණු කොට උස්සාගෙන ඉන්නවදැයි හිතන්නට පුරුදු වීමි.


" බලන්නකෝ ඔයාලගේ බල්ලො අපේ කුකුල් පැටවු පස්සෙ පන්නනවානේ.. අනේ අපිට හරි කරදරේ" යි චෝදනා කරන්නේ ද අැතැම් විට එ් බල්ලන් හිච්චි සන්දියේ අපේ කඩ මිදුලේ දමා ගිය අයමයි. එවන් විටෙක මම එහි සැඟව ගත් උත්ප්‍රාසය නිහඩව විදිමි. නරක හා නපුරු බල්ලන් වෙනුවෙන් සමාව අයදිමි

බල්ලන්ගේ අායු කාලය කෙටි වුවද බළල් වෙෙරය අඛන්ඩව පැවැත එ්ම පිළිබඳව මම මුසුප්පු වීමි. බළල් පැටවා ද අපේ ගෙදර සාමාජිකයෙකු බව බල්ලන්ට එ්ත්තු ගැන්වීම බෙහෙවින් අසීරු විය. එ් සඳහා බළල් පැටියා වඩාගෙන සුරතල් කරමින් බල්ලන්ට හඳුන්වා දීමට සිදු විය.


" මෙයා දැං අපේ ගෙදර කෙනෙක්.. මෙයාව නම් ඉරලා මරලා දාන්න එපා.. අනේ එපා.. මෙයා ඔයාලගෙ සහෝදරයෙක්.. තේරුනාද..."


බලු බළල් සංහිඳියාව උදෙසා මගේ වෙහෙස දුටුවා නම් ගෘහ මූලිකයා මා මනෝ වෙෙද්‍යවරයෙකු වෙත යොමු කරනවා නිසැකය.

කොයි කොහොම හරි දැන් දැන් එ් හැටි පයුරු පාසානයක් නැතත් බළලුන් පස් දෙනෙකු හා බල්ලන් තුන් හතර දෙනෙක් එකිනෙකාට ඔරවමින් වුවද ජීවිත හානියක් ප්‍රාණ ඝාතනයක් නැතුව ඉන්න එකත් මදෑ...


අපේ අවිචාරවත් අාන්ඩුවලට පින් සිදු වන්නට අප පෙළන අාර්තික පීඩනය අභියස බල්ලන්ට බළලුන්ට තබා කොල්ලන්ට කන්න දීමද ලෙහෙසි පහසු නැත. අපේ අැත්තෝ දෙෙනික වියදම් එකින් එක කපා දමන කල පොතක් පතක් චිත්‍රපටයක් වේදිකා නාට්‍යයක් එකී ලැයිස්තුවේ මුලටම එයි. ඉතිං එහෙව් එකේ ලියන්නියකගේ ජිව්තයේද මේ ගතවී යන්නේ අතිශය දුෂ්කර වකවානුවකි.


" නිධානයක් උඩ නිදාගෙන ඉන්නවා.. මාර්කටින් දන්නෙම නෑ.. ගෙයක් දොරක් වාහනයක් නැතුව නිකං බොරුවට දුක් විඳිනවා.." යි අාඩපාලි අනන්තය. එහෙත් ප්‍රතිපත්ති ගරුක බව විසින් මා වෙත පුද දෙන අහේනිය උපේක්ෂාවෙන් වැළඳ ගමි. අනික් අතට බොහෝ විට නිර්මාණය විනා නිර්මාණකරුවා මේ දූපත තුළ වටින්නෙ නැත. එ් වටිනාකම ලබාගන්නට එ් තැනැත්තා ජීවිතයෙන් සමු ගත යුතුය. ඉතිං මා මළ දවසක ගැයෙන අනේක ප්‍රශස්ති මට නම් නෑසෙනවා අැති. අප යමක් කළ යුත්තේ පෙරළා කිසිවක් අපේක්ෂාවෙන් නොවුවද යම්කිසි  නිර්මාණ වෙහෙසක් වෙනුවෙන් සාධාරණත්වයක් ද තිබිය යුතු බව අමතක කළ නොහැක.


කෙසේ වෙතත් අපේ සුදු පූසි මෙවර බිහි කළ පැටවු තිදෙනා මුහුණ දුන් බිහිසුණු ඉරණම සැබැවින්ම අතිශයින් දුක්ඛදායකය. වල්බාවුන් නමින් හඳුන්වනු ලබන එඩ්රස් නැති බළලුන් විසින් ඇතැම් විට බළල් පැටවුන් මරා දමන බව අසා අැත්තෙමු.


එවන් ප්‍රහාරයකට ලක් වූ බළල් පැටවුන් ගේ කුරිරු මරණයට වග කිව යුත්තේ එ් අහිංසකයන්ගේ අම්මා බවට අපි වරදවා වටහා ගතිමු. එයට හේතු වුයේ අැය කඩ කඩව ගිය බළල් පැටවකු බුදිමින් සිටීමය. අැතැම් බැල්ලන් සිය පැටවුන් අතරින් රෝගි හා දුබල පැටවකු අාහාරයට ගන්නා බව දැන සිටියෙමි. දැක අැත්තෙමි. එ් සොබා දහමේ රීතිය විය හැකි ය. එමෙන්ම නිසි පරිදි අාහාර නොලැබෙන විටද කුසගින්න දරා ගත නොහැකිව පැටවුන් අාහාරයට ගනිති. එතකොට තිරිසන් සතුන්ගේ දාරක ප්‍රේමය පරයා කුසගින්න බලවත් වෙනවාද.?


අපේ සුදු පූසි ප්‍රිය කරන හා පෝෂ්‍යදායි අාහාර ලබා දෙන්නට මට නොහැකි වුයේ දැනුදු දියවන්නාවේ ජුගුප්සාජනක අන්දමින් වාද විවාද කරන ධවල වස්ත්‍ර දාරින් හින්දා බවට චෝදනා කරමි. රටක් අගාධයට අැද දැමූ උන්දැලා අායෙත් එ් රට නගා සිටුවීමට කටයුතු කරන බව කීම තරම් විහිළුවක් හා විකාරයක් තවත් තිබිය හැකිද..?

කොහොම හරි පැටවුන් ලබා දෙදිනකට පසු අහිමි වූ අම්මා පැටවුන් සොයා හඩා වැටෙන කල මම අන්ත අසරණ වීමි. මට පිහිට වුයේ මගේ පාසල් මිතුරිය දයානිය. අැගේ බැළලියගේ පැටවුන් අතරින් එකෙකු ලබා දෙන්නට තරම් අැය කරුණාවන්ත වූවාය.

අපේ සුදු පූසි විලාපය නවතා බළල් පැටවා තුරුළු කරගෙන සුව නින්දක් ලබන්නිය.

අැගේ උස් මහත් වූ පැටවුන් දෙදෙනා ට මේ කලුම කළු එ් වුනාට හරිම ලස්සන අාගන්තුක පැටවා පෙන්වා හඳුන්වා දුන්නෙමි.

" මේ ඔයාලගේ අලුත් මල්ලී... අනේ රණ්ඩු නොකර ආදරෙන් ඉන්න හොදේ.. බලන්න එයාගෙ ලස්සන.. හරිම හුරුබුහුටියි නේද.."

Wednesday, May 3, 2023

එක දවසක්

 එක දවසක් කියන්නේ පැය විසි හතරක් තමයි. එහෙත් එක දවසක අනේක සිදුවීම් එක්ක කාලය මායාවක් බවට පත් විය හැක. අැත්තටම කාලය මායාවක් නොවේද... කොයි කොහොම වුණත් වෙසක් මහ අැරඹෙන්නේ හෙළ බොදු හදවත් සැදැහැයෙන් පුරවාලමිනි. එ් කොතෙක්ද කිව හොත් පා ගමනින් පූජා භූමියට යන සිල් මාතාවන් උදෙසා සිදු කළ දාන මාන පිළිබඳ කතා බතා අතරේ මගී අාවරනය තුළ බවලත්තු මහ මඟ අසීරුවෙන් ගමන් කරන පුද්ගලයා දැක දැකත් නුදුටු විලාසයක් පෑහ.

පයක මහ විශාල තුවාලයක් එක්ක අත් වාරුවේ උපකාරයෙන් අැවිද යන්නා දුටු සැනින් මම කැළඹී ගියෙමි.

"අනේ එයා හරි අමාරුවෙන් අැවිදින්නෙ.." යි මා කී කල "කරුමෙ... පූරුවෙ පව් පල දීලා. ඔහොම තමා... විදවන්ඩ එපැයි... අනිච්චේ දුක්කේ සංසාරේ" යි එකියක අතක් නිකටේ හොවා ගත්තාය.

"සිල් මාතාවන් ට මං වතුර බෝතලයක් ප්‍රජා කළා.. අායෙ ඉතිං සසර සැරි සරන තුරාවට මට තිබාසෙ නං ඉන්ඩ වෙන්නෙ නෑ.. " ඉදිරියෙන් වේදනාබරිත මිනිසා දැක හුල්ලා සැනින් අමතක කළ උපාසිකාවක තුටු පහටු වූවාය. 

" මං නං පුජා කෙරුවෙ බෙහෙත් ටිකක්... කකුල් කැක්කුං නැතැ මෙච්චර දුර කතරක් පයිංම අැවිල්ලා.. උපදිනා අාත්මෙක මට ඉතිං ලෙඩට දුකට බෙහෙත් පෙත්තක් නැතුව දුක් විඳින්න වෙන්නෙ   නෑ "

දානය කියන්නේ පෙරළා දානයට වඩා බලවත් යමක් ලැබීම උදෙසා සිදු කරන අායෝජනයක් ද.. 

පව් පින් දාන මාන කුසල් අකුසල් පිළිබඳව ළත වන්නට කාලයක් නැත. අපේ අැස් ඉස්සරහ අප වැනි මනුස්ස පරානයක් මහත් වෙර වෑයමෙන් අැවිද යයි. එ් සඳහා ඔහු දරන ප්‍රයත්නය අැහැකට විඳ දරා ගත නොහැකි තරම් විශාලය. තව දුරටත් කාලය නාස්ති කරමින් සසර සඳහා අායේජනය කළ සැදැහැවතියන්ගේ පුන්‍යානුමෝදනා අසා සිටින්නට තරම් මට අැති උලව් සරදාවක් නැත. 

බසයක් පතා බලා ඉන්නා බව පවා මට අමතක විය. හිත රිදුනේ එක මිනිහෙක් නගරය ඔස්සේ ගාට ගාටා යන කල සංවේදි නොවු හිත් හින්දාය. පව් පළ දෙන තවත් කරුමක්කාරයෙකු විනා ඔහු මිනිසෙකු නොවේ. අනේ බුදු හාමුදුරුවනේ.. දඹදිව් තලය පුරා පා ගමනින් වැඩම කොට අසරණයන්ට සරණ වූ ඔබ වහන්සේට කළ හැකි තවත් අවමානයක් තිබිය හැකිද.? 

තුවාලකරු සමඟ කතා කොට ත්‍රී වීල් රියකට නංවා හරිනතුරු නිහඩව හා නිසලව බලා හුන්   සැදැහැ සිත් අැත්තියෝ   එක්ක උරණ වී පලක් අැද්ද...? අාගමේ නාමයෙන් බලවත් වන්නේ ස්වාර්ථයයි. මට...! මගේ.! . මම.! . අනෙකා අදාළ නොවේ. 

අැත්තටම එය බිහිසුණු තත්ත්වයක් නොවේද.? සමාජ ප්‍රගමනයට බාධා පමුනුවන්නක් නොවේද.? නිවන හෝ ස්වර්ගය උදෙසා වෙහෙසෙන අපේ අැත්තෝ අාත්මාර්තයෙන් උතුරා යන කල මනුෂ්‍යත්වය අසරණව අනාතව නොයයිද.? එ් එ් වකවානු තුළ පහළ වූ දාර්ශනිකයන් දෙසූ ධර්මයක් වේ නම් සිදු විය යුත්තේ වැඳුම් පිදුම් එක්ක තමා වෙතට හැකි තාක් හැකිලී යාමද.. එ් එ් ගුණාංග ජීවිතයට එකතු කරමින් ජීවිතය හා ලෝකය දෙස විචක්ෂණශීලිව බැලීම නොවේද.. එ් වෙනුවට නිරර්ථක පුද පූජා පවත්වමින් සහෝදර මිනිසා කෙරෙහි සංවේදි නොවෙමින් අප උමතුවෙන් මෙන් ක්‍රියා නොකරන්නේද.? 

අාගමක් දහමක් හිසින් හා හදින් දැඩිව නොගත් මට වේදනාබරිත මිනිසෙකුගේ තුවාලයේ වේදනාව දැනින. එ් සා අසීරුවෙන් අැවිද යන්නා කරුමක්කාරයෙකු වග හගින්නට මම අපොහොසත් වෙමි. ඔහු මේ යෝධ මිනිස් පවුලේ තවත් එක් සාමාජිකයෙකු පමණි. සෙස්සෝ ඔහුට උපකාර කරන්නට බැඳී සිටිති. එ් මන්ද යත් අප අයත් වන්නේ එකම හෝමෝ සේපියන්ස් වර්ගයට හින්දාය. 

අාගම ද ජාතිය හා කුලය මෙන් අප බෙදයි. එවැන්නක් එකී දර්ශන මෙලොවට පිදූ දාර්ශනිකයන් කිසිසේත් අනුමාන නොකලා නිසැකය. දේශපාලඥයා ජාතිය හා කුලය මෙන්ම අාගමද අපයෝජනය කරන්නාක් මෙන් පොදු ජනතාව වන අපද එකී මහා පාපයට හවුල් වෙමු. 

වෙසගේ පමණක් නොව තුන්සිය හැටපස් දවසේම අප අනෙකාට අාදරය කරුණව හා ගරුත්වය නොදක්වන්නේ නම් අප අවමන් කරන්නේ මනුෂ්‍යත්වයටයි. ලෝකය බිහි කළ අගනා මනුෂ්‍යයන්ටයි. පූජක අභිමතාර්ථ අනුව විකෘති කරන ලද අාගමික භක්තියෙන් මිදී මනුස්සයෙකු සේ හිතමු.. පතමු.. එවිට ලෝකය නිරායාසයෙන්ම යහපත් හා මනුස්ස වාසයට සරිලන බිම් කඩක් බවට පත් වනවා නොඅනුමානයි. අාදරයෙන් පිරුණු ලොවක ස්වර්ගය හෝ නිවන අපට මේ   ජිවිතය තුළදීම සාක්ෂාත් කර ගත හැකි වන බව අමුතුවෙන් කිව යුතු නැත. 


 


වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...