Tuesday, April 11, 2023

අැසි දිසි විසිතුරු

 සේනපුර සිට හක්බෙල්ලාවක බලා ගිය ගමනේදි මුහුණ දුන් අත්දැකීම් නොලියා හිඳීම වූ කලී නෙරි පොටෙහි සඟවා ගත් ගඩා ගෙඩි අහුරක් අැටිකිච්චන් මුණුබුරු මිනිබිරියන්ට නොදෙන මුත්තම්මෙකුගේ වෙස් දැරිමකි. උන්දලා නෙරි පොටෙහි නොව කුස පොත්ත හාරා බත් උළ පවා පුද දෙන තරමට ආදරණීය වූ බැවින් මී මිණිබිරියක වන මම කොහොම මසුරුකම් කරන්නද..

ගමනක් කියන්නේම ගෘහ මුලිකයාගේ හොස්ස දික් වන කර්තව්‍යයකි. මංජුල මල්ලී මගේ කොල්ලන්ගේ තාත්තා ගැන සහසුද්දෙන්  දැන හිටියා නම් මේ කපේට මට ඇරැයුම් කරන්නේ නැතුවා සහතිකයි.

වෙනදා ගෙදර දොර වැඩ පලට මට සහාය වන ගෙදර අැත්තා මා ගමනක් බිමනක් යන දවසට ගහක් ගලක් ගානය. එ් හින්දා තට්ට තනියම උදේ දවල් දෙවේලට මහ ගොඩක් උයන පිහින මට හති වැටෙයි. හට්ටි මුට්ටි හා අැතිලි එක්ක යම යුද්ධය හමාර කරන මට බත් කටක් කන්නට හෝ අඩුම තරමින් අඳින අැදුම කණ පිටද හොද පිටදැයි පවා පිරික්සා බලන්නට ඉසිඹුවක් නැත. එ් දඩිබිඩිය හින්දා වරක් රං ගිරි දඹුලු එෆ්. එම් සේවයට මා ගියේ යට සායක් නැතුවය. උඩ සාය රැලි සායක් වූ බැවින් මඟ තොට කාටවත් නිච්චි නිනව්වක් නැතුවා විය හැක.

හරබර සාහිත්‍ය වැඩ සටහන නිමවා අාපසු සේනපුර එන්නට දඹුල්ලේ බස් නැවතුම්පළ කරා යද්දී මටම මා යට සායක් නැතුව හිඳින වග වැටහිණ. " දෙයියනේ දෝනි" යි මා බෙරිහන් දුන් කල මගේ තනි නොතනියට ගිය සදනි දියණය තිගැස්සුනාය.

"අනේ මම යට සායක් අැදලා නෑ   " යි අපමණ සංවේගයෙන් කී මම අැයද අැදගෙන රෙදි සාප්පුවකට දිව්වෙමි. එ් හින්දා යද්දී යට සායක් නැතුව එ් ගැන වගේ වගක්ද නැතුව දඹුලු ගිය මා අාපසු අාවේ කඩිමුඩියේ මිලදී ගත් අලුත්ම අලුත් යට සායක්ද යටට අැදගෙනය.

නිරුවතේ කලාව හා  කලාවේ නිරුවත පිළිබඳව පොර ටෝක් දෙන සම්භාව්‍ය පන්නයේ ලියන්නියක පවා සීගිරි ලදුන්ද අමතක කර යට සායේ එල්ලුනු හැටි...

කොයි කොහොම වෙතා අපේ බ්ලොග් ලියන්නා විසින් සංවිධානය කරන ලද බ්ලොග් හමුවට මා පිටත් වුයේ මහ පාන්දරය. පෙරදා රැයෙහි පන්සලේ සංවර්ධනය උදෙසා පවත්වන ලද ජහුටා බලා නිදි වරා හුන් මගේ හතරවැන්නා අවදි කරගැනීම පහසු නොවිය. මෙසිරිලක සංවර්ධනය හමාර වූ පන්සලක් නැතුවා වාගේ මට මගේ ගෙදර නිදිමතින් අවසග නොවු කොල්ලෙක් හොයා ගත නොහැකි විය. 

"අනේ මම මංජුල මල්ලිට පොරොන්දු වුණා එනවා කියලා.. අනේ කවුරු හරි යංකො මා එක්ක. මට තනියම යන්න දෙන්නෙ නෑ නේ ඔය ගොල්ලන්ගෙ තාත්තා" යි මම කෝපයෙන්ද ශෝකයෙන්ද කෑ ගැසුවෙමි. 

" අැහැරෙන්නකො කවුරු හරි.. බස් එකේ නිදා ගන්න පුලුවන්නෙ"  මගේ අායාචනයෙන් සසල වූ කලෙක මෙන් මගේ හතරවැන්නා නිදි මර ගාතේ නැගී සිටියේය. එ් සඳහා ඔහුට තෙවරක් තට්ටු කරන්නටද දෙවරක් එ් දිගු දෙපයින් අැද" නැගිටින්න... බස් එක යයි.. තුන හමාරට බස් එක  " යි කනට කර හඩගාන්නටද මට සිදු විය. අන්තිමේදි වදෙන් පොරෙන් නැගිටුවා ගත් කොල්ලා ට අැදුම් අන්දවා පාරට අැදගෙන යන්නට ද මට මහත් වෙහෙසක් දරන්නට සිදු විය. එ් හින්දා බසයේ නැගී හිඳ ගත් සැනින් මට නින්ද ගියේය. කොහොමත් නිදි වරණ මම බසයට නැග ටිකට් පතක් ලබා ගන්නටද පෙර නිදිබරින් කඩා හැලෙන හිසක් එක්ක විපරීත වන අතර බොහෝ විට කොන්දොස්තර මගේ උරහිසින් අල්ලා සොලවා " නොහාටද?" යි අසයි. 

 වෙන අය නම් දුරක යද්දී බහින්නෙ කොහෙන්ද කියලයි කොන්දා අහන්නෙ. එ්කට අපෙ අම්මා... නැගලා බස් එක පිටත් වෙන්නත් කලින් නිදි " යි කොල්ලෝ මගේ නිදි මර ගාතය හෙළා දකිති." අම්මගේ කොන්ඩෙත් අවුල් වෙලා.. කටත් අරගෙන නිදා ගත්තහම යස්සනියක් වගේ.. අනේ අම්මා කෝවිඩ් ඉවර වුනාට කමක් නෑ. කරුණ කරල බස් එකේ යද්දී මාස්ක් එක දාගෙන යන්න. එදා කැකිරාවෙ යද්දී අම්මට නින්ද ගිහිං.. මම බය වුණා දැකලා.. අම්මගෙ පුතා ම එහෙම බය වෙනවා නම් අනික් මිනිස්සු කොහොම බය වෙනවා අැද්ද " 

එ් උපදේශය අනුව කෝවිඩ් වසංගතය දුරුව තිබියදීත් මම ගමන් බිමන් යාමේදි මුඛ අාවරන පලදිමි. කොච්චර හිතුවක්කාර එකියක වුවද අැතැම් විට දරුවන්ට අවනත වන බැවිනි. මාත් මගේ හතරවැන්නාත් වරකාපොලින් බැස පොදු වැසිකිලිය සොයා ගියෙමු. එහි භාරකරු සමඟ කතා බතා කෙළවර අපට තේ එකක් බොන්න මිල අඩු හා සුපිරිසිදු අාපන ශාලාවක් කරා කැටිව යාමට තරම් හිතවත් විය. 

එය ගුහාවක් වැනිය. එහි පැරණි හා සීතල පෙනුම අපේ අාහාර රුචිය පලවා හැරියේය. " අනේ අම්මා හැම තිස්සෙම අදුරන්නැති අය එක්ක කතාවට යන්න එපා.. අම්මා මේ දැං දැක්ක කෙනා එක්කත් කතා කරන්නේ අවුරුදු ගානක් තිස්සෙ දන්නවා වගේ.. දැං දැක්කනෙ අපිව මේ ටවුන් එකේ ජරාම හෝටලයනට එක්ක ගිය හැටි එ් මනුස්සයා" 

කොල්ලා දොස් පවරන කල මම නිහඩව පසු වූයෙමි . වැඩි කාෙටම බඩ දඟලන හින්දාය. කතා කරන්නේ බඩින් නොව කටින් බව සැබෑය. එහෙත් බඩ අප්සෙට් වූ විට කට විරවෙයි. කොහොම හරි සීතල අාහාර හා අැල්මැරුනු තේ හින්දාම අප පැමිණි විගස මංජුල මල්ලී දිගු කළ ලැවරියා තසිමෙන් දෙකක්ම ගිල දැමුවෙමි. මගේ අාහාර රුචිය පිළිබඳව මගේ පුතා විමතියට පත් විය. 

දොල අද්දර පාරාදීසය කරා අප රැගෙන ගිය මංජුල මල්ලී පරාණ බය ඇති කළ බව කිව යුතුය. එ් පටු කඳුකර මඟ බ්ලොග් ලියන්නෝ සහ ඔවුන්ගේ බිරින්දෑවරුන් ද පුංචි දරුවන්ද පටවා ගත් වාහනය ඉදිරියට අැදි යන අතර බ්ලොග් පිළිබඳ හාංකවිසියක් නොදත් කොලනියේ ලියන්නිද පණ බයේ වෙව්ලමින් සිටියාය. අපේ වාසනාව ද මංජුල මල්ලිගේ රිය පැදවිමේ නිපුණතාවය ද මංදා අපි පණ බේරා ගෙන එ් සුන්දර ඉසව්වට සම්ප්‍රාප්ත වූයෙමු. දිය නාන බවක් කී නිසා මා ගෘහ මූලිකයාට හාෙරෙන් බෑගයට ඔබාගෙන තිබුනෙ දිය රෙද්දකි  අනේ අනෙක් අංගනාවො සැහැල්ලු අැදුමින් සැරසී දියට බහින විට අවලස්සන තාරාවා සිහි ගන්වමින් මම දිය රෙද්දක් හැඳ සපත්තු පය ලාගෙන දොල පාර වෙත ලැසි ගමනින් නොව නම් කළ නොහැකි ගමනකින් ගිය බව මතකය. සියලු අලකලංචි අමතක කර දමන තරමට බ්ලොග් ලියන්නෝ සුන්දර හා දයාන්විත වූහ. ඔවුන්ගෙන් සමු ගැනීම සැබැවින්ම වේදනාකාරි විය. එහෙත් ලෙන තුළ කුපිත සිහ රද සේ මගේ වල්ලභයා දැනටමත් පරල වී සිටින බවට අනුමාන කරමින් අාපසු ගමනට සූදානම් වීමු. එහිදී උපකාර කළ ඉයන් හා ඔහුගේ මිතුරා අප පිළිබඳව කරදර වුවද මම බොහෝ දුර කතරක යා යුතු බව පවා අමතක කර සිටියෙමි. 

පුංචි පුතාත් මාත් තලාවෙන් බහින විට රාත්‍රි නවය පසු වී තිබිණ. අපේ අතැති සුකුරුත්තං දෙකම මළාක් මෙන් නිහඩය. එහෙයින් අපි සරණාගතයෝම වූයෙමු. කිසි පිළිසරණක් නැති. වැසුණු කඩ සාප්පු එක්ක  ජනයාගෙන් විනිර්මුක්ත නගරය සොහොන් බිමකි. අප මෙන්ම අතරමං වු මගියෙකු අප කරා අාවේය. මගේ පුතා මා වෙත හෙලූ තරවටු බැල්ම දැක දැකත් කතාවට මුල පිරුවෙමි.. මනුස්සයෙකු දුටු සැනින් කුලප්පු වන්නට එපා යැයි කොල්ලන්ගේ තාත්තා ද නෙයෙක් වර කියා තිබේ. 

"මං අපෙ අම්මා බලන්න ගියා.. රෑ වුණා.. බස් එකක් අායෙ එන්නෙ පාන්දර දෙකට" මගේ අලුත් හිතවතා අප මුහුණ දී සිටින බිහිසුණු වාතාවරණය පැහැදිලි කළේය. දැන් දහයයි. තව පැය හතරක් මේ සොහොන් බිමක් වැනි නගරයේ තපින්නේ කොහොමද? 

"විල් එකක් නම් අාවා  මම කතා කරන්නම්.." යි කී හිතවතා නොපමාව අාපසු අාවේය 

" කිලෝමිටරයට සීයයි.. මොකද කියන්නේ.. මම ඉහලවැවෙන් බහිනවා " කිලෝමිටරයට කීයක් ගත්තත් යා යුතුව තිබේ. ගමනට ඉනි මං බැඳී කතාව හින්දා ඉහලවැවට යන්නට ගත වූ කාලය පිළිබඳ හැඟීමක් පහළ නොවිය. ඔහු ජපනෙකු  මෙන් කඳ නවා අපෙන් සමු ගත්තේ ය. යළි ඉදිරියට අැදි යන වාහනය තුළ මගේ කොල්ලා රහසින් කොදුරා අැසුවේ  "එ් මාමා කියක්වත් දුන්නෙ නෑ නේද අම්මා?" කියාය. 

ගමන් ගාස්තුව පිළිබඳව කරදර නොවන්නැයි මට කී ඔහු සැබවින්ම ගමන් ගාස්තුව පිළිබඳව කරදර නොවු වග වැටහී ගීයෙන් මට සිනාව මැඩ ගත නොහැකි විය. හරියට විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී යස රගට එ් ධුරය දරා පොරොන්දු කඩ කළ බවට අදෝ සංස්කාරයක්  නැතුව බැස යන අපේ පාලකයන් වගේ ඔහු වගේ වගක් නැතිව වාහනයෙන් බැස ගියේය 




  ෙ





34 comments:

  1. ඇර මාටින්! මේ ලියන වේගෙ ගැන බයත් හිතෙනවා. 🤣
    ලියන රටාව නිසාද මන්දා, ලිපියේ සුහද/සමීප ගතියක් දැනෙනවා. ස්තූතියි.👌🙏

    ReplyDelete
    Replies
    1. //ගමන් ගාස්තුව පිළිබඳව කරදර නොවන්නැයි මට කී ඔහු ....හරියට විධායක ජනපති ධුරය අහෝසි කරන බවට ප්‍රතිඥා දී යස රගට එ් ධුරය දරා පොරොන්දු කඩ කළ බවට අදෝ සංස්කාරයක් නැතුව බැස යන අපේ පාලකයන් වගේ ඔහු වගේ වගක් නැතිව වාහනයෙන් බැස ගියේය//
      හෙහ්, හෙහ්....මේ කෑල්ල නං මසුරං නෝනෙ. 👌🙏

      Delete
    2. අනේ ඉතිං මම දෙශපාලන සත්වයෙක් නෙවැ.. කොහොමත් මගේ දෙශපාලන අනුරාගය බලවත්

      Delete
    3. මට බ්ලොග් විශේෂඥ ප්‍රභාත් මල්ලිගෙන් උපදෙස් ලැබුණා දින තුනකට වරක් ලියන්න කියලා.. එ් අනුවයි මේ ලියන්නෙ

      Delete
    4. ඇර මාටින්! මේ ලියන වේගෙ ගැන බයත් හිතෙනවා. 🤣 (2)

      අධික වේගය මරු කැඳවයි❗

      Delete
    5. //ලියන රටාව නිසාද මන්දා, ලිපියේ සුහද/සමීප ගතියක් දැනෙනවා.//

      මම හිතන්නෙ එයා extrovert කෙනෙක් වෙන්න ඕනි කියල. extrovert අය හිතේ තියෙන දේවල් ගොඩක් වෙලාවට අවංකව කියල දාන නිසා අපිට සමීප බවක් දැනෙනව..

      මොකද හිතන්නෙ ඒක ගැන?

      Delete
    6. ඒ තියරි එක නොදන්න නිසා, මුකුත් කියන්න අමාරුයි.🤔

      Delete
  2. බ්ලොග් හමු ගමනේ අතුරු කථා තවත් කථා මවනවා . ඇත්ත ඇති සැටියෙන්ම ලියා යන මේ ලියැවිලි බ්ලොග් කියවන්නන් අගය කරාවි. මේ සටහන් මුහුණු පොතෙත් බෙදාගන්න අමතක කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. අැත්තටම මුහුණු පොතේ වෙනස් අාරකින් මම ලියන්නෙ.. වේදිකා දෙකක් බවයි මගේ හැගිම

      Delete
  3. හරිම රසවත් ලිවීමක්! (ඔබ ගේ ලිවීම් රසවත් යැයි පැවසීමට මම කවුද නේද? ඒ නිසා නොවැ ඔබ ඒ සම්බන්ධයෙන් සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ!)
    ඒ කෙසේ වෙතත් මුද්‍රිත මාධ්‍යය, වත් පොත හා වියණු යන මාධ්‍ය ත්‍රිත්වය ඔබ වෙනස් ආකෘථි තුනකින් ලියනා බව නම් මා හට හොඳිම පෙනේ. එය එක්තරා අපූර්වත්වයක්.

    එසේනම් තවත් බ්ලොග් හමුවකින් හමුවෙමු.

    ඔබගේ ඊළඟ පොත් එළිදැක්වීමට සහභාගී වීමේ බලා පොරොත්තුවෙන් සිටිමි.

    ReplyDelete
    Replies
    1. සම්මාන හැම විටම විශිෂ්ටත්වයේ මිනුම් දණ්ඩක් වන්නේ නෑ. සම්මාන ලද දුර්වල නිර්මාණ සහ සම්මාන නොලද විශිෂ්ට නිර්මාණ කොතෙකුත් තියෙනවා. මට අලුත් වේදිකාවක් සොයා දුන් ඔබට මගේ අාදරය හා ස්තූතිය පිරිනමනවා.. මම කැමතියි වෙනස් මාධ්‍ය වල වෙනස් අාරකින් ලියන්න. කොහොම වුණත් ලිවීම මට ජිවිතයට ජීවනය පුදනවා. එ් වගේම වඩා යහපත් රටක් පිළිබඳ මගේ සදාතනික සිහිනයට සවිය දෙනවා..

      Delete
  4. පංකාදු පහයි. අපූරූ පොස්ටුව ✍️👌
    මෙච්චර බාදක මැද... හමුවට ආපු එකට මගේ රැස්පැක්ට් එක 🙏

    ReplyDelete
    Replies
    1. පුංචි පුතා/
      කෑම අරන් එන වෙලාවේ සැට් උනා. හරි හොඳ කොලුව. ගමේ ගෑණු කෙනෙක් දැකල ඇහුව... මේ අර සිංදු කියනද මහත්තය නේද කියල. (අපි දෙන්නට හිනා 😂)

      Delete
    2. මට පුතා කිව්වා.. ඔයාව කලින් සෙට් වුනා නම් නිදා නොගෙන අපිත් එක්ක ඉන්න තිබුණා කියලත් කිව්වා.. කොල්ලො ඉතිං කොල්ලන්ටනෙ එකතු..

      Delete
    3. එ්ත් එ් බාධක නොවෙන්න මොනවා කියා ලියන්න ද දරුවො. අනික පොරොනදු වක් වුනොත් බෙල් ල ගහලා ගියත් ඉටු කරන්න ඕන නෙවැ

      Delete
  5. ඔය කඳු බාධක ටිකේ ආපහු එනකොට තමයි ගියාටත් වැඩිය කට්ටියගෙ බොක්ක හීට් වෙලා තිබ්බෙ. ඒත් මට තට්ට මහත්තැංගෙ වාහන එලවීමේ හැකියාව ගැන ලොකු විස්වාසයක් තිබුණ.

    ReplyDelete
    Replies
    1. එ් විශ්වාසය මා තුළත් අැති වුණා

      Delete
    2. අර මේසෙ රවි අයියගෙ ඇඟට කඩං පැන්නට පස්සෙ විශ්වාසය තවත් වැඩි වුණා.

      Delete
    3. අර රිවස් කෙරුවාවට මගෙ ඇඟේ ලේ වතුර වෙලා හිටියෙ. සෑහෙන දුරක් ආවට පස්සෙ තමා තේරුං ගියෙ මේකෙ පස්සහ රෝද තියෙන්නෙ තට්ටුවෙ මැද කියල. ආයි නං ඔය මගුල් පාරෙ යන්නෑ යන්නෑම තමා.

      Delete
  6. Replies
    1. අනේ .. අැයි හිනා . ? හිනාවයි ඉනාවයි...

      Delete
  7. යුනිකෝඩ් ෆොන්ට් එකේ ගැටළුවක් නේද? මටත් ඔය ප්‍රශ්නය මතු උනා මේ යූ
    ටියුබ් වීඩියෝවට පිවිස බලන්න. ඔය ගැටළුව විසඳගත්තැකි.https://www.youtube.com/watch?v=JvXWI6QfeDw

    ReplyDelete
    Replies
    1. හොඳ නිරීක්ෂණයක්. බ්ලොග් විශේෂඥ අලකොමාගේ පාණ්ඩුඛඹල ශෛලාසනය උනු වේවා!

      අවම වශයෙන් එක ෆොටෝ එකක්වත් දැම්මොත්, කියවන්නාට දැණෙන සමීපබව තව වැඩි වෙනවා. පෞද්ගලිකත්වය පිළිබඳ ප්‍රශ්ණ එන නිසා, සෙල්ෆි දාන්න අවශ්‍යම නෑ. බස් නැවතුමක, පාරක තොටක පිංතූරයක් වුනත් ඇති. ඒ වෙලාවෙ ගත්ත, පිංතූරයක් නැත්නම්, අන්තර්ජාලයෙන් අදාල පිංතූරෙ හොයල දාන්නත් ඇහැකි.

      - යූටියුබ් විශේෂඥ මූකලං බස්සෙක්ගේ සත පහ-

      Delete
    2. යංතං ඇති ටැක්නිකල් බස් නැතුව
      මනුස්සයෙක්ට තේරෙන්න කියල තියනව

      Delete
    3. නියත විවරණ ලදිමි.🙏😉

      Delete
    4. බකුස්, ඔබ දන්නවා ද, ශාන්ති අක්කා මේ ලිවීම ගෙනියන්නෙ මොබයිල් ෆෝන් එකෙං බව? ලැප්ටොපයක් ඇත්තං මොන මොනවා නොකරයි ද?

      Delete
    5. යටිතල පහසුකම් නෑ දරුවො.. එ්ත් නැති දේ ගැන නහයෙන් නාඩා තියෙන හිරමනයෙන් ගිටාර් ගහන එකියක් මම...

      Delete
    6. මක් කරන්නද.. නැති දේ ගැන නහයෙන් නාඩා තියෙන හිරමනයෙන් ගිටාර් ගහන එකියක් නෙවැ මම

      Delete
    7. //....ලිවීම ගෙනියන්නෙ මොබයිල් ෆෝන් එකෙං බව? //
      අපොයි දෙයියනේ! එහෙම නං මේ කරන ටික හොඳටම ඇති. මේ සිංහල voice typing - කියන විට ලියාදෙන සොෆ්ට්වෙයා එක බලමුද, ජීවිතේ ටිකක්වත් පහසු වෙන්න.
      Sinhala Voice Typing Keyboard

      Delete
    8. https://rasikalogy.blogspot.com/search?q=typing

      Delete
  8. එදා තට්ටයා ඔබ ගැන කියත්දී මා ඒ නෑසූ කන්ව සිටියේ "අනේ පලෑං ඩෝ" ලීලාවෙනි. අද ඔබේ සටහන කියවා මට තනි ඇහැට ඇඬුනි. එදා අපි හක්බෙල්ලාවකට එන පාරේ රැළි වැඩිකම නිසා වාහනේ දෙපැත්තට පැද්දෙන එක ගැන කනස්සලු උනෙමු. ආපහු යත්දිත් මේ ගැස්සිල්ලම වෙනවා කියා මූනු එල්ලා ගතිමු.

    හැබැයි ශාන්ති අක්කා කොහෙදෝ මට දිග පළලක් නොතේරෙන ඈත කොනක සිට හැට හුටාමාරක් දුක් කරදර විඳගෙන ඇවිත් අතිං කයිට් කරගෙන අපට ‌නාන්නට සබන් ද කියවන්නට පොත් ද සපයා දී ආපහු ගෙදර යාමේ කට්ටත් රෝස් ‌නොකරම කා, ඒ මදිවාට තව ඒ ගමන ගැන හරි ශෝක් කියාත් ලියනවාය.

    ඒ මදිවාට කොමෙන්ට් ගොඩෙං අහුලාගත් පරිදි ශාන්ති අක්කා ලියන්නේ ‌අපි බුකිය උඩ පහළ තල්ලු කරන්නට ගන්නා කඩවසම් දුරකථනයෙනි.

    ශාන්ති අක්කේ ඔබේ අකුරු හරි බරයි. ඔබ තරං හයිය කළුගල් ඔය තැනිතලාවේ තියෙනවාද?

    ReplyDelete
  9. අදයි කියවන්න උනේ.. අනේ අම්මපා.. උඹ නම් යකඩ ගෑණියෙක් අක්කේ. මෙන්න වැන්දා.. ලියන එක නවත්තන්න එපා මේ බ්ලොග් එක. 🙏💐❤️

    ReplyDelete
    Replies
    1. ලියනවෝ ලියනවෝ.. නවත්වන්නෙ නැතෝ

      Delete

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...