Thursday, May 11, 2023

බල්ලෝ බළල්ලු සහ කොල්ලෝ..

 මං පුංචි කාලේ අපේ ගෙදර බළලුන්ට තහනම් කලාපයකි..

" මොකටද ඔය වසංගතේ..? බට්ටික කද්දිවත් අඩු ගානේ  නැට්ට වනනවාද... දවල් තිස්සෙ බුදියනවා... .. රෑ තිස්සෙ දඩාවතේ යනවා... ගේ පුරාම ලොම් කැටියයි. බල්ලෙක් නම් බුරනවා.. මුං පුරු පුරු ගගා බොරුවට අපිව රවට්ටනවා.

කිසිම පලක් නැති සත්තු.. ලේනෙකුට කටුස්සෙකුට කුරුලු පැටියෙකුට ඉන්න දෙන්නෙ නෑ.. මරාගෙන කනවා..".


අනේ කොටි පවුලේ ඥාතියාට අපේ අම්මා බැන අඩ ගැහු තරමක්.. බළලෙකු අපේ හතර හීමාවට නොඑන හින්දා හොදය. නැත්නම් එ් අාඩපාලි අැහුනා නම් අායෙත් වන වදිනවා සිකුරුය.


අම්මාගේ උග්‍ර බළල් විරෝධය පරයා ඉස්මතු වුයේ අපේ බලු නඩයේ බළල් වෙෙරයයි. බැරි වෙලාවත් අපේ මිදුල උඩින් හෝ බළල් තඩියෙකු ගියේ නම් එ් ඉතිං උන්දැගේ අවසන් අයාලේ යාමයි. උදෑසන බල්ලන්ගේ තියුණු දතින් සිදුරු වූ සිරුරින් යුතුව ලේ වගුරුවමින් අවසන් හුස්ම හෙළන ලද බළලුන් වළලා දමන්නට සිදු විය. එවන් අවස්ථාවන්හිදී එ් වල මලින් සරසන මම මේ බලු බළල් වෙෙරය සජසිදුවන්නේ කොයි කාෙහොමදැයි අපමණ කනස්සල්ලෙන් කල්පනා කරමි.

කිරි අම්මලාගේ ගෙදරදී හවස මල් පුදා දෙවියන් බුදුන් වදිද්දී මා ප්‍රාර්ථනා කළේ අම්මාගේ බළල් අප්‍රසාදය දුරු වී අපේ බලු දන්ඩෝ කාරුණික වේවා කියාය.

බළලෙකු අැති දැඩි කරන්නට මා තුළ දළු ලා වැඩි අාශාව සඵල කරගන්නට විවාහ වන තෙක්ම ඉඩක් නොලැබිනි. ජීවිතය බෙදා ගත් එක්කෙනා බළලෙකු තබා කොටියෙකු හදා වඩා ගත්තද අැහැක් අැර නොබලන හින්දා මට කාලාන්තරයකට පස්සේ බළල් සුරතලය අරඹන්නට හැකි විය.එද අපේ කඩ මිදුලේ දමා ගිය බළල් පැටවුන් හින්දාය.

බලු බළල් පැටවුන් පන්සලේ හෝ මහ මඟ දමා යන තරමට දැහැමි සිත් අැත්තෝ අපේ කඩ මිදුලද එවන් කලාපයක් සේ සලකා තිබිණි.

එ් අසරණයන් පලවා හරින්නේ කොහොමද.. කන්නට බත් කටක් දීම හැරුණු කොට උස්සාගෙන ඉන්නවදැයි හිතන්නට පුරුදු වීමි.


" බලන්නකෝ ඔයාලගේ බල්ලො අපේ කුකුල් පැටවු පස්සෙ පන්නනවානේ.. අනේ අපිට හරි කරදරේ" යි චෝදනා කරන්නේ ද අැතැම් විට එ් බල්ලන් හිච්චි සන්දියේ අපේ කඩ මිදුලේ දමා ගිය අයමයි. එවන් විටෙක මම එහි සැඟව ගත් උත්ප්‍රාසය නිහඩව විදිමි. නරක හා නපුරු බල්ලන් වෙනුවෙන් සමාව අයදිමි

බල්ලන්ගේ අායු කාලය කෙටි වුවද බළල් වෙෙරය අඛන්ඩව පැවැත එ්ම පිළිබඳව මම මුසුප්පු වීමි. බළල් පැටවා ද අපේ ගෙදර සාමාජිකයෙකු බව බල්ලන්ට එ්ත්තු ගැන්වීම බෙහෙවින් අසීරු විය. එ් සඳහා බළල් පැටියා වඩාගෙන සුරතල් කරමින් බල්ලන්ට හඳුන්වා දීමට සිදු විය.


" මෙයා දැං අපේ ගෙදර කෙනෙක්.. මෙයාව නම් ඉරලා මරලා දාන්න එපා.. අනේ එපා.. මෙයා ඔයාලගෙ සහෝදරයෙක්.. තේරුනාද..."


බලු බළල් සංහිඳියාව උදෙසා මගේ වෙහෙස දුටුවා නම් ගෘහ මූලිකයා මා මනෝ වෙෙද්‍යවරයෙකු වෙත යොමු කරනවා නිසැකය.

කොයි කොහොම හරි දැන් දැන් එ් හැටි පයුරු පාසානයක් නැතත් බළලුන් පස් දෙනෙකු හා බල්ලන් තුන් හතර දෙනෙක් එකිනෙකාට ඔරවමින් වුවද ජීවිත හානියක් ප්‍රාණ ඝාතනයක් නැතුව ඉන්න එකත් මදෑ...


අපේ අවිචාරවත් අාන්ඩුවලට පින් සිදු වන්නට අප පෙළන අාර්තික පීඩනය අභියස බල්ලන්ට බළලුන්ට තබා කොල්ලන්ට කන්න දීමද ලෙහෙසි පහසු නැත. අපේ අැත්තෝ දෙෙනික වියදම් එකින් එක කපා දමන කල පොතක් පතක් චිත්‍රපටයක් වේදිකා නාට්‍යයක් එකී ලැයිස්තුවේ මුලටම එයි. ඉතිං එහෙව් එකේ ලියන්නියකගේ ජිව්තයේද මේ ගතවී යන්නේ අතිශය දුෂ්කර වකවානුවකි.


" නිධානයක් උඩ නිදාගෙන ඉන්නවා.. මාර්කටින් දන්නෙම නෑ.. ගෙයක් දොරක් වාහනයක් නැතුව නිකං බොරුවට දුක් විඳිනවා.." යි අාඩපාලි අනන්තය. එහෙත් ප්‍රතිපත්ති ගරුක බව විසින් මා වෙත පුද දෙන අහේනිය උපේක්ෂාවෙන් වැළඳ ගමි. අනික් අතට බොහෝ විට නිර්මාණය විනා නිර්මාණකරුවා මේ දූපත තුළ වටින්නෙ නැත. එ් වටිනාකම ලබාගන්නට එ් තැනැත්තා ජීවිතයෙන් සමු ගත යුතුය. ඉතිං මා මළ දවසක ගැයෙන අනේක ප්‍රශස්ති මට නම් නෑසෙනවා අැති. අප යමක් කළ යුත්තේ පෙරළා කිසිවක් අපේක්ෂාවෙන් නොවුවද යම්කිසි  නිර්මාණ වෙහෙසක් වෙනුවෙන් සාධාරණත්වයක් ද තිබිය යුතු බව අමතක කළ නොහැක.


කෙසේ වෙතත් අපේ සුදු පූසි මෙවර බිහි කළ පැටවු තිදෙනා මුහුණ දුන් බිහිසුණු ඉරණම සැබැවින්ම අතිශයින් දුක්ඛදායකය. වල්බාවුන් නමින් හඳුන්වනු ලබන එඩ්රස් නැති බළලුන් විසින් ඇතැම් විට බළල් පැටවුන් මරා දමන බව අසා අැත්තෙමු.


එවන් ප්‍රහාරයකට ලක් වූ බළල් පැටවුන් ගේ කුරිරු මරණයට වග කිව යුත්තේ එ් අහිංසකයන්ගේ අම්මා බවට අපි වරදවා වටහා ගතිමු. එයට හේතු වුයේ අැය කඩ කඩව ගිය බළල් පැටවකු බුදිමින් සිටීමය. අැතැම් බැල්ලන් සිය පැටවුන් අතරින් රෝගි හා දුබල පැටවකු අාහාරයට ගන්නා බව දැන සිටියෙමි. දැක අැත්තෙමි. එ් සොබා දහමේ රීතිය විය හැකි ය. එමෙන්ම නිසි පරිදි අාහාර නොලැබෙන විටද කුසගින්න දරා ගත නොහැකිව පැටවුන් අාහාරයට ගනිති. එතකොට තිරිසන් සතුන්ගේ දාරක ප්‍රේමය පරයා කුසගින්න බලවත් වෙනවාද.?


අපේ සුදු පූසි ප්‍රිය කරන හා පෝෂ්‍යදායි අාහාර ලබා දෙන්නට මට නොහැකි වුයේ දැනුදු දියවන්නාවේ ජුගුප්සාජනක අන්දමින් වාද විවාද කරන ධවල වස්ත්‍ර දාරින් හින්දා බවට චෝදනා කරමි. රටක් අගාධයට අැද දැමූ උන්දැලා අායෙත් එ් රට නගා සිටුවීමට කටයුතු කරන බව කීම තරම් විහිළුවක් හා විකාරයක් තවත් තිබිය හැකිද..?

කොහොම හරි පැටවුන් ලබා දෙදිනකට පසු අහිමි වූ අම්මා පැටවුන් සොයා හඩා වැටෙන කල මම අන්ත අසරණ වීමි. මට පිහිට වුයේ මගේ පාසල් මිතුරිය දයානිය. අැගේ බැළලියගේ පැටවුන් අතරින් එකෙකු ලබා දෙන්නට තරම් අැය කරුණාවන්ත වූවාය.

අපේ සුදු පූසි විලාපය නවතා බළල් පැටවා තුරුළු කරගෙන සුව නින්දක් ලබන්නිය.

අැගේ උස් මහත් වූ පැටවුන් දෙදෙනා ට මේ කලුම කළු එ් වුනාට හරිම ලස්සන අාගන්තුක පැටවා පෙන්වා හඳුන්වා දුන්නෙමි.

" මේ ඔයාලගේ අලුත් මල්ලී... අනේ රණ්ඩු නොකර ආදරෙන් ඉන්න හොදේ.. බලන්න එයාගෙ ලස්සන.. හරිම හුරුබුහුටියි නේද.."

9 comments:

  1. කොළොම්පුර බළල් ලෝලියාගේ කුඩාකල සිටම ආ බළල් පිස්සුව බළල් පැටවෙක් විසින් අවසන් කෙරුවේ හයක් හතරක් නොතේරුනු වයසේ හිටි පුංචි පුතංඩියාගේ හිසේ ඇතිවූ චර්ම රෝගයකින් පිඩාවිදින්නට වූ සිදුවීමකින්. බොහෝ ප්‍රතිකාර කර සුවකරගත් පසුව අවසානයේ වෙදදුරුවන් පැවසුවේ මේ අසාදනය ගෙදර ඇතිකරණ සතෙකුගෙන් බෝවූවක් බවය. ඉන් පසුව බළලුන්ට නිවස තහනම්ව ගියේය..

    ReplyDelete
  2. මේ ජීවිතේ එදිනෙදා සිදුවීම් ගැන ලිපි හරිම ලස්සනයි. ඒ අතරට, හීනියට සමාජ විවරණයකුත් මුසු කරලා තියන විදිහත් අපූරුයි. අර "ඇසි දිසි විසිතුරු" ලිපිය තරමටම රසවින්ඳා. ස්තූතියි.
    https://www.youtube.com/watch?v=YFtT26nIIk8

    ReplyDelete
    Replies
    1. අනේ ස්තූතියි.. ළමයි එක්ක අත්දැකීම් කැදැල්ල නමින් පොත් පෙලක්ම පළ වුණා

      Delete
  3. බල්ලෙක් මැරුනහම දැනෙන දුක ඉවසන්න බැරි තරම්. ඒත් ටික දවසකින් ආයිත් බලු පැටියෙක් ගේන්න ඕනෙ වෙනව. බල්ලෙක්ගෙ ආදරෙයි ඌට ආදරේකරන එකයි නැතුව ගෙදරක් ඉන්න බැරි නිසා.
    පූසො ගැන එහෙම හිතෙන්නෙ නෑ. සොරි. සමහරවිට වැඩිය පූසො ඉඳල නැති නිසා වෙන්නත් ඇති. කොහොමවෙතත් බල්ලෙක්ව දැක්කත් එන හැඟීම බළලෙක් දැක්කාම මට එන්නෙ නෑ. සොරි අගේන්.

    ඒක නෙමෙයි බළලුන්ගෙ 9 lives කතාව කොහොම ආවද දන්නෙ නෑ. උන් හරිම ලේසියෙන් මැරෙනවා බල්ලෙක් අල්ලලා හොල්ලපු ගමන්.

    ReplyDelete
    Replies
    1. ආ. උඩින් පනිනව, වැටෙනව වගේ අනතුරුවලින් හානියක් නොවෙන හැකියාව උන්ට තියන නිසාලු
      https://www.petplan.co.uk/pet-information/blog/the-facts-behind-a-cats-nine-lives/

      හැබැයි බල්ලෙක් අල්ලල හොල්ලපු ගමන් මැරෙනවනෙ

      Delete
    2. කොහොමත් පුසෝ බල්ලෝ තරමි අාදරනිය නෑ.
      බල්ලා කියන්නේ අාදරය ඉතිරෙන සතෙක්.. පූසා එහෙම නෑ.. එයාගෙ සුව පහසුව තමා බලන්නෙ

      Delete
    3. //හැබැයි බල්ලෙක් අල්ලල හොල්ලපු ගමන් මැරෙනවනෙ//

      මඟුලක් කියනවා! අරහෙම පට,පට ගාලා දෙපැත්තට ගැහැව්වොත් බස්සොත් මැරෙනවා. ඒක නෙව අපි බස්-තියන් උඩින් යන්නෙ?

      //....සමහරවිට වැඩිය පූසො ඉඳල නැති නිසා වෙන්නත් ඇති//
      https://youtu.be/YSToRJPi3mc?t=62

      Delete
  4. අපේ බලු ජෝඩුවටත් ඔය පූස් වෛරය තියනවා. හැබැයි ඒ දෙන්නා කාලා ඉතිරි කරන එක කන්න ආපු පූසෙක් දවසක් මේ දෙන්නා හැරිලා යනකන් ඉඳලා පස්සෙන් ගිහින් හොඳ පාරක් ගැහැව්වා. දැන පරාන බයයි. දැන් වෙලා තියෙන්නේ පුසගෙන් බල්ලො දෙන්නා බේරගන්න.

    ReplyDelete
  5. සමහර වෙලාවට බල්ලෝ පූසන්ට බය වෙනවා තමා...

    ReplyDelete

වේතරණි

 ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය...