ළපටි උක් යායේ සිලි සිලිය අතරේ අකුරින් අකුර පිය මැන යන හින්නිකිතර කෙල්ලත් ඉලංදාරියාත් දිහා ලෙන්ගතු බැලුම් හෙළන උදා හිරු තවම මුදු මොලොක්ය.
අඹ ගහ එක්ක හුරතල් වන හුළග මේ හැංගි හොරා අකුරු ඉගැන්විල්ල ගැන හාංකවිසියක් කාටවත්ම නොකියන බවටද පොරොන්දු වෙයි.
මොන්ටිසෝරි කියා දෙයක් නොතිබුනු එ් හැත්තෑව දශකයේදි නැකතට අකුරු කියා දුන් පසුව අකුරු ඉලක්කම් එක්ක හරඹ කරන කෙනෙක් අැත්තේම නැතුවා වගෙයි. අායෙ ඉතිං අකුරු එක්ක හාදකම් ඉස්කෝලෙට බාර දුන්නාට පසුවය. එතෙක් ඉවසා ඉක්නට වැඩිමලි වගේම තාත්තාට උදවි පදව් කරන කඩිසර කොල්ලාද ප්‍රිය නොකලේය.
කඩ පිල පිට මහ හඩින් පත්තරය කියවක අාතා කෙල්ලට අකුරු ඉගෙනගන්නට මහා බලගතු දොලක් ජනිත කළේ ය.
අාතා වාගේ පත්තරය මුල් පිටුවෙි පටන් අග පිටුව දක්වා කියවන්නට එ්කි පෙරුම් පිරුවාය.
"අනේ අත්තප්පේ මටත් පත්තරේ කියවක්න ඕන" යි හද දැවෙන අාශාව කියා පෑ දවසේ "ඉදිංකො.. තව ටික දොහයි නෙවැ.. උඹ ඉස්කෝලෙට බාර දුන්නහම අකුරු සෑස්තරේ කියා දෙන්නෙ නැතෑ.." යි ලද ප්‍රතිචාරයෙන් සෑහීමකට පත් නොවුවාය.
තාත්තා කඩ බක්කියත් තරාදියත් එක්ක යම යුද්ධයකය. අම්මා මල්ලිත් අලුත උපන් නංගීත් එක්ක ළිප ගින්දරේ දැවෙමින් දහසක් වැඩ පල අතරේ පරල වු ගානය.
කෙල්ල අකුරු අනුරාගයෙන් මඩනා ලද බව දැන කියා ගත් එ් අපුරු ඉලන්දාරියා සිය රහසිගත මෙහෙයුම අැරඹුවේය.
එකම එක සිසුවියක්... එකම එක ගුරුවරයෙක්... දිසා පාමොක් අැදුරු සෙවනේ බැතියෙන් උගන්නා සිසුවෙකු වාගේ අකුරෙන් අකුර එක්ක පයුරුපාසානය කෙල්ලට අලුත් හා අනන්ත ලෝකයක දොරගුලු විවර කළේය. එහෙත් එදා එ් උක් යායේ සිලි සිලිය දෙසවන සනහන අතරතුර පවා මතුයම් දවසක අකුරු එක්කම ජීවිතය අාලෝකමත් හා අන්ධකාර වන වගක් අනුමාන නොකළාය.
ලියන්නියක ලෙස මෙතෙක් ලියන ලද කෘතින් දෙස හැරි බලන්නටද පසුබට වෙමි. ලැජ්ජාවක් එක්ක එ් පොත් ඊට වඩා හොදින් ලියන්නට තිබුණා නේදැයි පශ්චාත්තාපයෙන් පිඩා විඳින බැවිනි.
මෙසිරිලක පොත පත ලියා ජිවිතය ගැට ගසා ගැන්ම මහා සංග්‍රාමයක් බව පසක් වන විට අාපසු හැරෙන්නට නොහැකි තරමේ දුරක් පැමිණ අවසන්ය.
කෝටි දෙකක් ඉක්මවන ජනතාවක් වෙසෙන රටක පොතක පිටපත් දහසක් විකුණා ගැනීමද අසිරුය. කලාව ජිවිතයෙන් දුරස් වු රටක කලාව මාරාන්තිකය.. නැතහොත් නිෂ්ඵල හා නිරර්ථක ව්‍යායාමයකි. එහෙත් අාර්තිකය පමණක් නොව රටද යහපත් කරගැනීම පිණිස ලේඛණය භාවිතා කරන්නට වෙහෙසෙන අතද හිතද යථාර්ථය පිළි ගන්නට සූදානම් නැත.
නැවක් වුනත් බර වැඩි වු විට මුහුදු බත් වන බවට ජිවන සහකරුවා කළ අනතුරු අැගවිම නොතකා දියනියකගේ සිහිනයේ දිගින් දිගටම එල්බ සිටිමෙන් උරුම වු කොල්ලන් එක්ක ජිවිතය වඩ වඩාත් අසිරු වෙයි. අද දවසේ මෙරට බහුතරයක් එහෙමය.
රට බේරා ගන්නට හා නඟා සිටුවිමට විටින් විට ප්‍රතිඥා දෙන දියවන්නාවේ අැත්තෝ කළින් කලට මෙි අවසන් අවස්ථාව බව මන්තරයක් මෙන් මතුරන හින්දා අපේ අවසානයත් රටේ අවසානයත් ළඟා වී අැතුවා වගේය. කොයි කොහොම හරි ජිවන අරගලය අත් හරින්නට ඉඩක් නොලද්දෙන් විසි පස් අවුරුද්දකට පස්සේ තීරණාත්මක මං සන්ධියක "වේතරණි එක්ක....
" වේතරණි "වෙනුවෙන් වෙහෙසුනු හැමට අාදරය පිරිනමමින්" වේතරණි" හින්දා අසරණ වු ලියන්නියට අාදරනියයනි, මේ දුෂ්කරම පැයේ අාදරයම අයදිමි.
" වේතරණි "නවකතාවේ ඉතිරිව තිබෙන පිටපත් අළෙවි කර ගන්නට සහාය හා දිරිය අපේක්ෂාවෙන් 0719943989 වට්ස් අැප් ඔස්සේ සම්බන්ධ වන්නැයි අාදරයෙන් ඉල්ලා සිටිමි. ඔබ ලබා ගන්නා එක් පිටපතක් මට මේ දිගු හා දුෂ්කර ගමන් මඟ පිය මැන යන්නට යෝධ බල යෝධ වීරිය පුද දෙන බව අපමණ ගෞරවාදරයෙන් සඳහන් කරමි.
අකුරු විස්මය ජනක යි.
අකුරු අාදරනියයි
අකුරු අන්තරායකරයි
අකුරු ජිවිතය පුබුදයි..
එහෙව් අකුරු හින්දාම අසරණව හා බයබීතව එහෙත් වඩා යහපත් ලෝකයක් වෙනුවෙන් අකුරේම එල්ලී හිදිමි.
අකුරට බාලේ පටන් බැදි පෙම මියෙනතුරු අත් නොහරින්නටද මේ අදුරුතම නිමේශයෙහිදි සපථ කරමි.
මට අකුරු එක්ක ජීවිතය කියා දුන් දහදිය ගඳ එක්ක සුර්යාලෝකය පිරිනැමූ අාදරනිය ජයසිංහ බාප්පාට බැති පෙමින් නමස්කාර කරමි.